ලෙබනනයේ වෛද්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට

මාර් 16, 2020

    ලෙබනනය ද එරට වෛද්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ගුවන්තොටුපොළ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද වසා දැමීමට කටයුතු කර තිබේ. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 99ක් වන අතර පුද්ගලයින් තිදෙනෙක් වෛරසය හේතුවෙන් මියගියේය.

    ඊජිප්තුව ද එරට සියලු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කර තිබේ. ඒ සති දෙකක කාලයක් සඳහායි. එරට පුද්ගලයින් දෙදෙනෙක් වෛරසය හේතුවෙන් මියගොස් ඇති අතර ආසාදිතයින් ද 110ක් පමණ වාර්තා වෙයි.

    දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා එරට ජාතික ව්‍යයසන තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. වෛරසය මැඩ පැවැත්වීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි, ඔහු සඳහන් කර ඇත්තේ.

     

     

    Last modified on සදුදා, 16 මාර්තු 2020 07:50

    Latest News