ගතවූ පැය 24ට ඉතාලියේ කොරෝනා මරණ 475ක්

මාර් 19, 2020

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් ඉකුත් පැය 24 තුළ ඉතාලියේ පුද්ගලයින් 475 දෙනෙකු මියගොස් තිබේ.

    වෛරස ව්‍යාප්තිය ආරම්භවීමත් සමග මෙතෙක් එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 2,975 දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් පිරිස 35,000කට අධිකයි. එසේම 4,000කට වැඩි පිරිසක් ඉතාලිය තුළ මුළුමනින්ම සුවය ලබා ඇති බව ද වාර්තා වෙයි. ඉතාලියේ වැඩිම බලපෑමට ලක්ව ඇති ලොම්බාඩි හි ඉකුත් පැය 24ට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 319ක්.
    කොරෝනා වෛරසය චීනයෙන් ඇරඹි අතර ඉන් අනතුරුව ඉන් වැඩිම බලපෑමට ලක්වූ රට බවට මේ වන විට ඉතාලිය පත්ව තිබේ. කෙසේ වෙතත් වෛරස ව්‍යාප්තිය පාලනයට ඉතාලිය දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති පසුබිමක වෛරසයෙන් මිය යන ප්‍රමාණය ඉහළ යෑම කැපී පෙනෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 08:05

    Latest News