ස්පාඤ්ඤය එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය.

ඉන්දියාවේ සිදු කළ ආගමික උත්සවයක් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නිරෝධායන නීති කඩ කරන්නන්හට දැඩි දඬුවම් පැමිණවීමට රුසියාව නව පනතක් සම්මත කරගෙන තිබේ.

ලොව පුරා කොටස් වෙළෙඳ පොළ පසුගිය කාර්තුවේ ඉතා දැඩි පසුබෑමක් පෙන්නුම් කර තිබේ.

ඉතාලියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 12,428 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන රට වන්නේ අමෙරිකාවයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොවට බලපෑ බරපතලම තර්ජනය කොරෝනා වෛරස් ආසාදනය බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

චීනයේ වූහාන්‌ නගරයේ තත්වය මේ වන විට සාමාන්‍ය අතට හැරෙමින්‌ පවතින බව, එරට මාධ්‍ය වාර්තා සඳහන්‌ කරයි.

කොවිඩ් 19 නොහොත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට රටේ ක්‍රියාත්මක තහනම තවදුරටත් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

කොරෝනා වයිරසය හේතුවෙන් ගෙවීගිය පැය 24 දී ස්පාඤ්ඤයේ මරණ 838ක් සිදුව ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (29) වාර්තා කළේය.

ඉකුත් පැය 24 තුළ ලොවපුරා නව කොරෝනා ආසාදිතයින් 66,767ක් වාර්තා වීමත් සමග මෙතෙක් ලොව පුරා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හැට හතර දහස දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් ආසාදිතයින් එක් ලක්ෂ විසිතුන් දහස් හත්සිය පනහක්ම වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

සියලු රටවල් ඉක්මවා යමින් ඉකුත් පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉතාලියෙන්.

ජර්මනියේ දැඩි සත්කාර ගුවන් යානයක් වන එයාර් බස් ඒ-310 මාදිලියට අයත් විශේෂ ගුවන් යානයක් වෛරසය ආසාදිතයන් ප්‍රවාහන මෙහෙයුම් සඳහා එක් කිරීමට ජර්මාන බලධාරීන් තීරණය කර තිබේ.

න‍ව කොරොනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රාන්ත 17 ක නව රෝහල් 17ක් ස්ථාපනය කිරීමට එරට රජය තීරණය කර ඇත.

නව කොරොනා වසංගතයට මුහුණදීම සඳහා ගෝලීය ආර්ථිකයට ඇ.ඩො. ට්‍රිලියන පහක් එකතු කරන බව ජී - 20 කණ්ඩායම ප්‍රකාශ කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් ලෙස හා සෞඛ්‍ය සේවයේ වෘත්තිකයින් ලෙස සේවය කිරීමට කැමැත්තෙන් පසුවන්නන්ට ලගම ඇති අමෙරිකානු එක්සත් ජනපද කවුන්සිලර් කර්යාලයට හෝ තානාපති කාර්යාලයට පැමිණෙන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු කොන්සලර් කටයුතු අංශය දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ගතවු පැය 24 තුළත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලිය තුළ ඊයේ (27) දිනයේ පමණක් මියගිය සංඛ්‍යාව 919ක්.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest News