කොරෝනා මර්දනය සම්බන්ධයෙන් චීනයෙන් ඉහළ ප්‍රගතියක්

මාර් 19, 2020

    කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආරම්භ වූ චීනය රෝගය මර්දනය කිරීම සම්බන්ධයෙන් ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. පසුගිය පැය 24ක කාලය තුළ ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා විදෙස් රටවල සිට පැමිණි අය බවයි, වාර්තා වන්නේ.

    නව කොරෝනා වෛරසය චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර මේ වන විට සමස්ත චීනය පුරා මරණ 3,245ක් වාර්තා වී තිබේ. ඊයේ දිනය වන විට වාර්තා වූ නව රෝගීන් 34 දෙනා විදේශ ජාතිකයින්. ඒ අනූව, රට තුළ රෝගය සම්ප්‍රේෂණය වීම මැඩලීමට චීනය මේ වන විට සමත්ව සිටියි. මරණ සංඛ්‍යාව 8කට සීමා කර ගැනීමට චීන වෛද්‍ය අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඊයේ දිනය වන විට කොවිඩ් 19 රෝගය වැලදී සිටින 819 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිහින්. වෛද්‍ය නිරීක්ෂණයට ලක්ව රෝගීන් නොවන බවට සනාථ වූ 1,032 දෙදෙනෙකු මුදා හැර තිබේ. රෝහල්වල බරපතල තත්වයේ පසුවන රෝගීන් සංඛ්‍යාව 308 දක්වා අවම කර ගැනීමට ද වෛද්‍ය අංශ සමත්ව තිබේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 13:24

    Latest News