රටවල් කිහිපයක දේශ සීමා වැසේ

මාර් 16, 2020

    ජර්මනිය අද සිට ප්‍රංශය, ස්විට්සර්ලන්තය,ඔස්ට්‍රියාව,ඩෙන්මාර්කය හා ලක්සම්බර්ග් දේශසීමාවල ආරක්ෂාව තවදුරටත් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

    එසේම පෘතුගාලය තීරණය කර ඇත්තේ ස්පාඤ්ඤය දේශසීමා වසා දැමීමටයි. චෙක් ජනරජය ද වෛරසය මැඩපැවැත්වීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති අතර ආහාර, ඖෂධ මිලදී ගැනීමට සහ රැකියා සඳහා යාමට එරට වැසියන්ට අවස්ථාව ලබාදී තිබේ.

    ඔස්ට්‍රියාව අද සිට පස් දෙනෙකුට වැඩි ඒකරාශීවීම් තහනම් කර ඇති අතර අයර්ලන්ත ජනරජය ද තීරණය කර ඇත්තේ එළඹෙන 29 වැනිදා තෙක් සියළුම වෙළඳසැල් වසා තැබීමටයි. බොහෝ යුරෝපානු රාජ්‍යයන් මේ වන විටත් සිය රටවල සියලුම පාසල් වසා දැමීමට කටයුතු කර තිබේ.

     

     

    Last modified on සදුදා, 16 මාර්තු 2020 07:39

    Latest News