ෆෙලිපේ රජු සිය පියාගේ උරුමය අතහරී

මාර් 16, 2020

    ස්පාඤ්ඤයේ 6 වැනි ෆෙලිපේ රජු සිය පියාගේ උරුමය අතහැරීමට තීරණය කර තිබේ. එරට හිටපු රජු වන ජුවාන් කාලෝස් දැඩි විවේචනයට ලක්ව ඇත්තේ ඔහු ගත කළ අති සුඛෝපභෝගී ජිවිතය හේතුවෙන්.

    හිටපු රජ ජුවාන් කාලෝස්ගේ පුතු වන 6 වැනි ෆෙලිපේ රජු තම පියාගේ උරුමය අත් හැරීමෙන් සියලු රාජකීය කටයුතු වලින් ඈත් වීමට උත්සහ කරන බවයි, ඇතැම් රාජකීය විශ්ලේෂකයින් පවසන්නේ. ජුවාන් කාලෝස් 2014 දී ධුරයෙන් ඉවත් වූ අතර, ඔහුට වාර්ෂිකව ලැබීමට නියමිත ඩොලර් එක් ලක්ෂ 94 දහසක මුදල ද, නතර කර ඇති බවයි, වාර්තා වන්නේ. අසූ දෙහැවිරිදි ජුවාන් කාලෝස් රජු වසර 39 කාලයක් බලයේ සිටි අතර ඔහු ස්විට්සර්ලන්ත මූල්‍ය බලධාරීන්ගේ පරික්ෂණයකට ද මුහුණපා සිටියි.

    කෙසේ වෙතත් ඔහුගේ පුතා තම උරුමය අතහැරීමට ගත් තීරණය පිළිබඳ ජුවාන් කාලෝස් මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැත.

    Last modified on සදුදා, 16 මාර්තු 2020 09:37

    Latest News