කොවිඩ් - 19 එන්නතක් අමෙරිකාව අත්හදා බලයි

මාර් 17, 2020

    කොවිඩ් 19ට එරෙහිව භාවිත කළ හැකි වන අයුරින් අමෙරිකාව නිර්මාණය කළ එන්නත පළමු වරට රෝගියෙකුට එන්නත් කර තිබේ.

    සති හයක කාල රාමුවක් තුළ නිරෝගී වැඩිහිටියන් 45 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් මෙම අධ්‍යයනය සිදුකිරීමට නියමිතය.

    සෑම සහභාගිවන්නකුටම විවිධ මාත්‍රාවලින් මාසයක් පමණ එන්නත් දෙකක් ලැබෙනු ඇත.

    වොෂිංටන් ප්‍රාන්තයේ සියැටල් නුවර කයිසර් පර්යේෂණ මධ්‍යස්ථානයේදී රෝගීන් 4 කුට මෙම එන්නත ලබා දී තිබේ.

    වෛරසය තුළ අඩංගු ජාන කේතයන් ආශ්‍රය කර ගනිමින් එන්නත නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    මේ වනවිට මෙම රෝගයෙන් මියගිය සංඛ්‍යාව 7000 ඉක්මවා තිබේ.

    මෙහි සාර්ථකත්වය පිළිබඳ යම් තහවුරු කිරීමක් ලබා ගැනීමට සති කිහිපයක් ගත වන බවයි, පැවසෙන්නේ.

     

     

    Latest News