ඉරානයේ සිරකරුවන් 85,000කට නිදහස

මාර් 18, 2020

    නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් ඉරානය එරට සිරකරුවන් 85,000කට වැඩි පිරිසක් සඳහා නිදහස ලබා දී තිබේ.

    මීට පෙරද 54,000කට ආසන්න සිරකරුවන් පිරිසක් නිදහස් කරනු ලැබීය. නිදහස ලබන සියලු දෙනා වසංගත තත්වය පහව යෑමෙන් පසුව නැවත බාරවිය යුතු බව, ඉරාන රජය ප්‍රකාශ කළේය. ඉතාලියට පසු වැඩිම මරණ සංඛ්‍යාවක් හා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉරානයෙන්. අද වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 989ක්.

    Last modified on බදාදා, 18 මාර්තු 2020 12:19

    Latest News