කොරෝනා මැඩපැවැත්වීමේ වෛරසය මිනිසුන්ට අත්හදා බැලීමට සූදානම්

මාර් 17, 2020

    කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා නිපදවන ලද වෛරසය පළමු වරට මිනිසුන් සඳහා අත්හදා බැලීම ආරම්භ කර තිබේ.

    මේ වන විට වෛරසය පරීක්ෂා කිරීම සඳහා ස්වෙච්ජාවෙන් පුද්ගලයින්ට ඉදිරිපත් වන ලෙස දැනුම් දී තිබේ. පළමු පුද්ගලයා වශයෙන් 43 හැවිරිදි දෙදරු මවක් මෙම එන්නත අත්හදා බැලීම සඳහා ඉදිරිපත් වී තිබේ. මෙම එන්නත මගින් කොවිඩ් 19 වෛරසය ආසාදනය නොවන අතර ඒ වෙනුවට සමාන ජානමය ලක්ෂණ සහිත වෛරසයක් ශරීරය තුළට ඇතුළු කිරීම සිදු කෙරෙයි.

    ඉන් කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා ශරීරය තුළ ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමට සමත් වනු ඇති බවයි, විද්‍යාඥයින් සඳහන් කරන්නේ. මෙම පරීක්ෂණ සාර්ථක වුවත් මෙම එන්නත ජනතාව වෙත ලබාදෙන තත්වයට පත්කිරීම සඳහා තවත් මාස 18ක කාලයක් ගත වනු ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 09:48

    Latest News