ජපානයේ සිදු වූ ප්රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවාස සහ ගොඩනැගිලි රැසකට ද අලාභ හානි සිදුවී ඇති බවයි, වාර්තා වන්නේ.

වයඹදිග චීනයේ, “සීජියෑන්ග්” ප්‍රදේශයේ ආර්ටක්ස් නගරයේ අද අලුයම භූ කම්පනයක් වාර්තා වුණා. භූ කම්පනයේ ප්‍රබලත්වය, රිච්ටර් මාපකයේ 5.4 ක් ලෙස භූ විද්‍යා සමීක්‍ෂණ මධ්‍යස්ථානය වාර්තා කරනවා.

ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර ලෝක කුසලාන තරගාවලියේ (World Cup 2023) 13 වැනි තරගය දිල්ලියේ අරුන් ජෙටලී ක්‍රීඩාංගනයේ අද (15) පැවැත්වෙමින් තිබිය දී ඇති වූ භූ කම්පනයකින් දිල්ලි අගනුවර කලාපය ප්‍රබල ලෙස සෙලවී තිබේ.

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ භූකම්පනයක් සිදුව තිබෙනවා.

නවසීලන්තයේ දකුණු දූපත ආසන්නයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබෙන බව වාර්තා වනවා.

මොරොක්කෝ රාජ්‍යයේ, භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙනවා.

‍අද දින ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රදේශයට බලපෑ භූකම්පනය හේතුවෙන්  පුද්ගලයින් විසිදෙනෙකු මිය ගොස්, තවත් 300 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනව බව, එරට බලධාරීන් පවසනවා.

දකුණු සුමාත්‍රා දූපත් ආසන්න මුහුදේ රිච්ටර් මාපකයේ 6.9ක අගයක් ගත් ප්‍රභල භූකම්පනයක් ඇතිවී තිබෙනවා.

නේපාලයේ සිදුවූ භූ කම්පනයකින් හය දෙනෙකු මියගොස් තිබෙනවා.

Latest News