ජපානයේ අහිමි වූ ජීවිත ගණන 30ක්

ජන 02, 2024
    ජපානයේ සිදු වූ ප්රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවාස සහ ගොඩනැගිලි රැසකට ද අලාභ හානි සිදුවී ඇති බවයි, වාර්තා වන්නේ.

    වෙරළබඩ ප්රදේශවල වෙසෙන දහස් ගණනක් ජනතා සුනාමි ආරක්ෂක මධ්යස්ථානවල රාත්රිය ගත කර තිබෙන බවයි, මාධ්ය වාර්තා පෙන්වා දෙන්නේ.

    තවදුරටත් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නොමැති බව ජපාන කාලගුණ විද්යා ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.

    2011 න් පසු ජපානයෙන් වාර්තා වූ පළමු, ප්රධාන සුනාමි අනතුරු ඇඟවීම මෙයයි. ජපාන අග්රාමාත්ය ෆුමියෝ කිෂිඩා පවසන්නේ, භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ක්රියා කරන බවයි.
     
    ජපානයේ ආරක්ෂක බළකායේ සාමාජිකයින් දහසක් පමණ භූමිකම්පාවෙන් විපතට පත් ප්රදේශවල ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරත වී සිටින බව, ජපාන අග්රාමාත්යවරයා අවධාරණය කර සිටිනවා.
     
    නගර කිහිපයක කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන්වලට පුද්ගලයින් සිරවී සිටින බවයි, ජපාන ගලවාගැනීමේ කණ්ඩායම් පවසන්නේ.

    Latest News