බුත්තල සෙ‍ළවෙයි

සැප් 26, 2023

    බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ භූකම්පනයක් සිදුව තිබෙනවා.

    භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවයි.

    පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක හටගත් මෙම භූකම්පනය පිළිබඳ මෙරට තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන හතරෙහිම සටහන්ව තිබෙනවා.

    කෙසේවුවද එමඟින් හානි සිදුවී තිබේද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.

    Latest News