සටන මැද පිටිය සෙළ‍වෙයි

ඔක් 16, 2023

    ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර ලෝක කුසලාන තරගාවලියේ (World Cup 2023) 13 වැනි තරගය දිල්ලියේ අරුන් ජෙටලී ක්‍රීඩාංගනයේ අද (15) පැවැත්වෙමින් තිබිය දී ඇති වූ භූ කම්පනයකින් දිල්ලි අගනුවර කලාපය ප්‍රබල ලෙස සෙලවී තිබේ.

    අද සවස ඇතිවූ මෙම භූ කම්පනය ඔක්තෝබර් 3 වැනි දින එවැනිම ප්‍රබල කම්පන දැනීමෙන් දින 12කට පසු වාර්තා වී තිබේ.

    දිල්ලි සහ අසල්වැසි ප්‍රදේශ කම්පනයට පත් කළ අද භූමිකම්පාවේ ඇස්තමේන්තුගත විශාලත්වය රික්ටර් මාපකයේ 3.1 ක් වූ අගයකි.

    එය සවස 4.08 ට සිදු වී තිබේ.

    ඉන්දියාවේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව, භූමිකම්පාව හර්යානා ප්‍රාන්තයේ ෆරිදාබාද් ප්‍රදේශයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් ඇති වී තිබේ.

    භූමිකම්පාවේ කේන්ද්‍රය ෆරීදාබාද් සිට කිලෝමීටර් නවයක් නැගෙනහිරින් සහ දිල්ලි සිට කිලෝමීටර් 30 ක් ගිනිකොන දෙසින් බව පවසයි.

    කෙසේ වෙතත් මෙලෙස ඇතිවූ භුමි කම්පාව හේතුවෙන් තරගයට බාධා වීමක් සිදුවුයේ නැහැ.

    Latest News