2122 කට දිවි අහිමිකළ මොරොක්කෝ භූමිකම්පාව

සැප් 11, 2023

    මොරොක්කෝ රාජ්‍යයේ, භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙනවා.

    තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටිනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

    භූ කම්පනයෙන් මිය ගිය පිරිස 2122 ඉක්මවා තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ, 2400කට වැඩි පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි. රිච්ටර් මාපක 6යි දශම 8 ක භුකම්පනය සිදුවුයේ ඉකුත් සිකුරදා රාත්‍රීයේදී. තුවාල ලැබුවන්ගෙන් වැඩි පිරිසක් මොරොක්කෝවේ ඓතිහාසික “මැරකෑශ්” නගර‍යට ආසන්න ප්‍රදේශවලින් බවයි, වාර්තා වන්නේ. විපතට පත් ජනතාව සඳහා නවාතැන් සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මකයි. භූ කම්පනයෙන් ඇතැම් කඳුකර ප්‍රදේශවල ගම්මාන මුළුමනින්ම විනාශ වී ඇති බව, වාර්තා වනවා. විපත හේතුවෙන් මොරොක්කෝවේ 6 වැනි මොහොමඩ් රජු දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා. යුනෙස්කෝ ලෝක උරුම භූමියක් ලෙස හඳුන්වන “මැරකෑශ්” ඉපැරණි නගරය මුළුමණින්ම හානියට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    Latest News