නවසීලන්තයේ භූ කම්පනයක්

සැප් 20, 2023

    නවසීලන්තයේ දකුණු දූපත ආසන්නයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

    එහි ප්‍රබලත්වය රිච්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ලෙසයි, නවසීලන්ත භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කරන්නේ.

    එරට වේලාවෙන් අද උදෑසන 9.15 ට පමණ භූ කම්පනය සිදුව තිබෙනවා. දකුණු දූපතේ ජෙරටල්ඩීන් ප්‍රදේශයට ප්‍රදේශයට කිලෝමීටර 45 ක් පමණ උතුරින් භූ කම්පනය සිදුව තිබෙනවා. ක්‍රයිස්චර්ච් ඇතුළු දකුණු දූපත් ප්‍රදේශ ගණනාවකත්, ඕක්ලන්ඩ් දක්වා ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් 14,000 කට ආසන්න සංඛ්‍යාවකට භූ කම්පනය දැනී තිබෙන බව වාර්තා වනවා. භූ කම්පනයෙන් දේපළ හෝ ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ..

    Latest News