චීනයේ භූ කම්පනයක්

නොවැ 08, 2023

    වයඹදිග චීනයේ, “සීජියෑන්ග්” ප්‍රදේශයේ ආර්ටක්ස් නගරයේ අද අලුයම භූ කම්පනයක් වාර්තා වුණා. භූ කම්පනයේ ප්‍රබලත්වය, රිච්ටර් මාපකයේ 5.4 ක් ලෙස භූ විද්‍යා සමීක්‍ෂණ මධ්‍යස්ථානය වාර්තා කරනවා.

    අද අලුයම 2.00 ට පමණ භූ කම්පනය වාර්තා වුණා.  ඉන් පැය2 ක් ඇතුළත, රිච්ටර් පාමකයේ 3 ට වැඩි පසු කම්පන 5 ක් වාර්තා වී තිබෙනවා.

    භූ මට්ටමේ සිට කිලෝ මීටර 10 ක් ගැඹුරින් කම්පන තත්වය හටගෙන තිබෙනවා. ප්‍රදේශයේ ජීවිත හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති අතර එම ප්‍රදේශය බො‍හෝ ජනාකීර්ණ නොවන බවයි වාර්තා වන්නේ.

    පසු කම්පන තත්වයත් සමග ගිනි නිවන ආරක්ෂක අංශ, ආපදා කළමනාකරණ අංශ, මුදවාගැනීමේ මෙහෙයුම් සූදානම් කොට ඇති බව ප්‍රාදේශීය බලධාරීන් නිවේදනය කොට තිබෙනවා. කම්පන කේන්ද්‍රයේ සිට කිලෝ මීටර 20 ක අරයකින් ජනගහණ ඉතා අඩු  කලාපයක් වන බැවින් ආපදාවට ලක්විය හැකි ප්‍රතිශතය අවම බවයි, වාර්තා වන්නේ.

    Last modified on බදාදා, 08 නොවැම්බර් 2023 12:38

    Latest News