දෙවසර සමරන යුද්ධය

පෙබ 24, 2024

    රුසියානු "A-50" වර්ගයට අයත් හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම හෙළු බව, යුක්‍රේනය පවසනවා. රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භ කොට අද දිනට වසර  2 ක් සැපිරෙනවා.

    රුසියාවේ රෝස්ටෝව් ඔන්-ඩොන් නගර ආසන්නයේ යානය විනාශ වී ඇති බව, යුක්‍රේන හමුදා ආරංචි මාර්ග සඳහන් කරනවා.

    ඉදිරිපෙළ යුක්‍රේන හමුදා බලඇණි ස්ථානගත වී සිටින්නේ,  යානය විනාශ වූ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 200 කට වැඩි දුරකින්. රුසියානු හමුදාවට අනුබද්ධ හදිසි සේවා විසින් එම යානාවේ කොටස් සොයා ගෙන ඇති අතර, එහි හට ගත් ගින්න නිවා දැමූ බවයි, වාර්තා වන්නේ.

    යුක්‍රේන ගුවන් හමුදාවේ ප්‍රධානී මයිකොලා ඔලෙෂ්චුක් ගුවන් යානය බිම හෙළීමට උදව් කළ යුක්‍රේන හමුදා බුද්ධි අංශයට සිය ස්තුති පළ කර තිබෙනවා. රුසියාව මහා පරිමාණ ආක්‍රමණයක් දියත් කර අදට වසර දෙකක් සනිටුහන් කරනවා.

    විනාශ වූ යානය පිළිබඳ රුසියානු බලධාරීන් මෙතෙක් අදහස් පළ කර නැහැ. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය රටකට එල්ල වූ විශාලතම ප්‍රහාරය බවට මෙම ආක්‍රමණය සැලකෙනවා.

    සිවිල් වැසියන් 30,000 කට අධික සංඛ්‍යාවක් රුසියානු - යුක්‍රේන  යුද්ධය පටන් ගත් දින සිට මේ දක්වා මරණයට පත්ව ඇති බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇස්තමේන්තු කර තිබෙනවා.

    සිවිල් වැසියන්  20,000 ක්  පමණ  තුවාල ලබා තිබෙනවා. මරණ සහ තුවාල ලැබූ නිශ්චිත සංඛ්‍යාව ගණන් බලා නොමැති බවයි,   එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

    Latest News