කියෙව් ප්‍රධාන රූපවාහිනී කුළුණට පහරදෙයි

මාර් 02, 2022

    යුක්‍රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන රූපවාහිනී කුළුණට රුසියානු හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් 5 දෙනෙක් මියගිය බවයි වාර්තා වන්නේ.

    යුක්‍රේන - රුසියා යුද්ධයේ 6 වැනි දිනය අදයි. දෙරටේ නියෝජිතයන් අතර සාම සාකච්ජා පැවතිය ද තවමත් ගැටුම් අවසන් වී නොමැත. යුක්‍රේනයේ දෙවැනි ප්‍රධාන නගරය වන කාර්කිව්හි මධ්‍යම චතුරශ්‍රයට ද රුසියානු හමුදාව පහර දී තිබේ. එරට ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි පවසන්නේ, මධ්‍යම චතුරශ්‍රයට පහර දීමේ දී රුසියාව යුද අපරාධ සිදුකළ බවයි.

    නිදහසේ චතුරශ්‍රයට අමතරව නගරයේ තවත් ඔපෙරා රඟහලක්,ප්‍රසංග ශාලාවක් හා රජයේ කාර්යාල කිහිපයකට ද ප්‍රහාර එල්ල වී ඇත. ඉන් අවම වශයෙන් දස දෙනෙකු මියගොස් 35කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    කියෙව් අගනුවර යුදමය වාතාවරණයක් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහා සිය නිවෙස්වලින් පිටවන ලෙස රුසියානු පාලනය දැනුම් දෙයි.ඒ තම හමුදා අගනුවර මුළුමණින්ම අත්පත් කර ගැනීමට ක්‍රියාත්මක සටන් තවදුරටත් දැඩි කිරීමට සැලසුම් කර තිබීම නිසා.

    රූපවාහිනී කුළුණ මුළුමනින්ම විනාශ වී නොමැති බව ද විදෙස් වාර්තාවල සඳහන්. ඒ ආසන්නයේ හෝලොකොස්ට් ප්‍රදේශය සැලකෙන්නේ නාසි හමුදාව විසින් හැත්තෑදහසක පමණ විශාල ජන සංහාරයක් සිදු කරන ලද කලාපයක් ලෙසයි.

    ඉතිහාසයට පුනරාවර්තනය වෙමින් එවන් ජන සංහාරයක් යළි සිදුවීමේ අවදානමක් රුසියාව විසින් උද්ගත කර ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

    Last modified on බදාදා, 02 මාර්තු 2022 12:25

    Latest News