කැස්පියන් මුහුද හරහා ඉරානයෙන් සිය ගණනක් මිසයිල රුසියාවට

පෙබ 23, 2024

    ඉරානය විසින් රුසියාවට බැලස්ටික් මිසයිල සිය ගණනක් සපයා ඇති බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

    Fateh-110 මාදිලියට අයත් Zolfaghar කෙටි දුර මිසයිල බොහෝ ප්‍රමාණයක්ද ඒ අතර ඇති බව සඳහන්.

    මෙම මිසයිල වලට කි.මී. 300 සිට 700 දක්වා දුර ඉලක්ක වෙත පහර දීමේ හැකියාව ඇති බව යුධ විශේෂඥයෝ පවසනවා.

    දැනට මිසයිල නැව් ගත කිරීම් 4ක් සිදු වී ඇති අතර ඉදිරි සති කිහිපයේදී තවත් මිසයිල ලබා දීමට අපේක්ෂා කරනවා. ඇතැම් මිසයිල කැස්පියන් මුහුද හරහා මුහුදෙනුත් තවත් ඒවා ගුවනිනුත් රුසියාවට යවා තිබෙනවා.

    රුසියානු හමුදා යුක්රේන නගරවලට ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ ඉරානයේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් බවත්, ඉරාන හමුදාවේ නිලධාරීන් තාක්ෂණ ශිල්පීන් කණ්ඩායමක් රුසියන් හමුදාවට සහාය දැක්වීමට යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයට පැමිණ සිටින බවත් අමෙරිකාව පවසනවා.

    යුක්රේන ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ රුසියන් හමුදා ඉරානයේ නිෂ්පාදිත ‘කමිකාසේ’ වර්ගයේ ඩ්‍රෝන යානා ප්‍රහාර සඳහා භාවිතයට ගන්නා බවයි.

    කෙසේ නමුත් එල්ල වන චෝදනා ඉරානයත් රුසියාවත් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    Latest News