යුධ බිමේ හුවමාරු වන සිය ගනණන් ජීවිත

ජන 04, 2024
    යුක්රේනය සහ රුසියාව යුධ සිරකරුවන් සිය ගණනක් හුවමාරු කර ගෙන ඇති බව, දෙරටේ බලධාරීන් පවසනවා. මෙය, යුක්‍රේන - රුසියානු යුද්ධය ආරම්භ වූදා සිට හුවමාරු කරගත් වැඩිම යුධ සිරකරුවන් සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ .

    යුක්රේන බලධාරීන් පැවසුවේ, සිය හමුදා සාමාජිකයින් ඇතුළු සිරකරුවන් 230 දෙනෙකු රුසියාව නිදහස් කර ඇති බවයි. යුක්රේන යුද සිරකරුවන් නිදහස් කිරීමේ එකඟතාවට අනුව, රුසියානු සිරකරුවන් 248 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැදිහත්වයි, මෙම යුද සිරකරුවන් නිදහස් කිරීම සිදු කර ඇත්තේ. යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරේ, රුසියානු සිරකරුවන් වී සිටි යුක්රේන රණවිරුවන් 200 කට වැඩි පිරිසක් ආපසු සිය රටට පැමිණි බවයි.
    සිරකරුවන් නිදහස් කරන ආකාරය දැක්වෙන පින්තූර රුසියානු සහ යුක්රේන නිලධාරීන් මාධ්‍යට නිකුත් කර තිබෙනවා. මොස්කව් නිකුත් කළ වීඩියෝවක නිදහස් වූ රුසියානුවන් කිහිපදෙනෙකු බස් රථයක සිනහසෙමින් සිටින අයුරු දැක්වෙනවා.

    Latest News