සිරියා ගැටළුව; දේශපාලන විසඳුමකට අමෙරිකාවෙන් අනුබල

මාර් 08, 2019

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ දේශපාලන ක්‍රියා මාර්ගයක් මගින් සිරියා ප්‍රශ්නය විසඳා ගැනීමට අනුබල දෙන බව අමෙරිකාව පවසයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ පසුගිය 5 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ සිරියා ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිත Robert Palladino මහතා සමඟ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සිරියානු අර්බුදය විසඳා ගැනීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ බවයි. එක්සත් ජාතීන්ගේ අංක 2254 තීරණය අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානත්වයෙන් දේශපාලන ක්‍රියාදාමයක් හරහා සිරියා ප්‍රශ්නය විසඳා ගැනීමට ඇමරිකාව අඛණ්ඩව අනුබල දෙන බව මයික් පොම්පියෝ මහතා එහිදී ප්‍රකාශකළේය.

    සිරියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය, නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් සඳහා සුදානම් කිරීම යන කරුණු අදාළ දේශපාලන ක්‍රියාදාමයට ඇතුළත් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ක්‍රියාදාමය යළිත් ක්‍රියාත්මක කිරීමට දරන උත්සහයට ඇමරිකාව අනුබල දෙන බව හෙතෙම පැවසීය.

    Last modified on සිකුරාදා, 08 මාර්තු 2019 18:22

    Latest News