ජයග්‍රහණයේ දිනය සමරන රුසියාව

මැයි 09, 2023

    රුසියාව අද දින ජයග්‍රාහනයේ දිනය ලෙස සමරනු ලබනවා. දෙවැනි ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය ලැබූ විශිෂ්ට ජයක්ග්‍රහණයක් ‍ලෙස ඔවුන් අද දිනය නම් කොට තිබෙනවා.

    එම සැමරුමත් සමග ඊයේ දිනයේ රුසියාව, යුක්‍රේනයේ කියෙව් නගරය ඇතුළු ප්‍රදේශ රැසකට ඩ්‍රෝන ගුවන් ප්‍රහාරක මාලාවක් එල්ල කොට ඇති බව, විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ප්‍රහාරය සඳහා රුසියාව ඩ්‍රෝන යානා 60 කට ආසන් ප්‍රමාණයක් දියත් කර තිබෙනවා.

    පසුගිය දින 8 ක  කාලයක් තුළ රුසියාව, යුක්‍රේනයට එල්ල කළ සිව්  වැනි සහ විශාලතම ඩ්‍රෝන ප්‍රහාරක මාලාව ලෙස මෙය හඳුන් වනවා. බිම හෙ‍ළන ලද ඩ්‍රෝන යානා සුන්බුන් වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලැබූ බව, කියෙව් නගරාධිපතිවරයා කියා සිටිනවා.

    ආහාර ගබඩා ඇතුළු  තම ඉන්ධන ගබඩාවකට  පහර  එල්ල වී ඇති බව, යුක්‍රේන රතු කුරුස සංවිධානය ප්‍රකාශ කරනවා.

    Last modified on අඟහරුවාදා, 09 මැයි 2023 11:41

    Latest News