රුසියානු "A-50" වර්ගයට අයත් හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම හෙළු බව, යුක්‍රේනය පවසනවා. රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භ කොට අද දිනට වසර  2 ක් සැපිරෙනවා.

යුක්රේනය සහ රුසියාව යුධ සිරකරුවන් සිය ගණනක් හුවමාරු කර ගෙන ඇති බව, දෙරටේ බලධාරීන් පවසනවා. මෙය, යුක්‍රේන - රුසියානු යුද්ධය ආරම්භ වූදා සිට හුවමාරු කරගත් වැඩිම යුධ සිරකරුවන් සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ .

රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේන නගර 6 ක් පිපිරීම්වලට ලක්ව තිබෙනවා. යුක්‍රේන බලධාරීන් පවසන්නේ, ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි.

රුසියාව අද දින ජයග්‍රාහනයේ දිනය ලෙස සමරනු ලබනවා. දෙවැනි ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය ලැබූ විශිෂ්ට ජයක්ග්‍රහණයක් ‍ලෙස ඔවුන් අද දිනය නම් කොට තිබෙනවා.

යුක්‍රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන රූපවාහිනී කුළුණට රුසියානු හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් 5 දෙනෙක් මියගිය බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ දේශපාලන ක්‍රියා මාර්ගයක් මගින් සිරියා ප්‍රශ්නය විසඳා ගැනීමට අනුබල දෙන බව අමෙරිකාව පවසයි.

Latest News