ගාසාහි අනාගත පාලනය වෙනුවෙන් නව සැලැස්මක්

ජන 05, 2024

    ඊශ්‍රායලයේ සහ හමාස් යුද ගැටුම් අවසන් වීමෙන් පසු ගාසා තීරයේ අනාගත පාලනය සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ප්‍රකාශ කොට සිටින්නේ, මින් ඉදිරියේදී ගාසා තීරය තුළ සීමිත පලස්තීන පාලනයක් පවතිනු ඇති බවයි.

    ගාසා තීරයේ ‍යුද ගැටුම් අවසන් වීමත් සමග හමාස් සංවිධානය තවදුරටත් ගාසා තීරය පාලනය නොකරනු ඇති බවත්, ඊශ්‍රායලය සමස්ත ආරක්ෂක පාලනය තමා අතට පත් කර ගන්නා බවත්, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටිනවා.


    නව සැලැස්ම, ප්‍රකාශයට පත් කිරීමත් සමග ගාසා තීරයේ සටන් ඉකුත් පැය 24 තුළ උත්සන්න වූ බව, මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 125 දෙනෙකු මිය ගොස්, 318 ක් තුවාල ලබා ඇති බව, හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කොට සිටිනවා.


    ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටින්නේ, සරණාගත කඳවුරුවලට බෝම්බ හෙලීම සහ සිවිල් ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කොට ඇති දකුණු ගාසා තීරයේ ප්‍රදේශ රැසක ඊශ්‍රායල මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවයි.

    Latest News