සාලේ ගේ මරණය ගැන හසාන් හ‌ඬ අවදි කරයි

ජන 04, 2024
    ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින්, හමාස් උප නායක සාලේ අල්-අරෝරි මියයාම සම්බන්ධයෙන්, හිස්බුල්ලා නායක හසාන් නසර්අල්ලා අදහස් දක්වා තිබෙනවා. ලෙබනනයට පහර දීමට එරෙහිව ඊශ්‍රායලයට අනතුරු අඟවමින් ඔහු කියා සිටියේ, ප්‍රහාරයට වගකිවයුතු සියලුම පාර්ශවලට දඬුවම් පමුණුවන බවයි.

    හිස්බුල්ලා නායකයා, ඔහුගේ ප්‍රකාශයේදී අමෙරිකාව ඇතුළු ඊශ්‍රායලයට සහාය දෙන රටවල් දැඩිව විවේචනය කර තිබෙනවා. ඔහු ඊශ්‍රායලයට අනතරු අඟවා ඇත්තේ, සිය සතුරන්ට යුද කිරීමේදී සීමා නොමැති නම්, තම සටන්කාමීන්ට ද නීති රීති හෝ සීමාවක් අදාළ නොවන බවයි. හවුති කැරලිකරුවන්, රතු මුහුදේ දී ඊශ්‍රායෙල නෞකාවලට එල්ල කරන ප්‍රහාරවලට හිස්බුල්ලා නායකයා ප්‍රශංසා කරනවා.

    මේ අතර, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල දේශසීමාවේ ප්‍රදේශ කිහිපයකට කාලතුවක්කු සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඊට ප්‍රතිචාර ලෙස, ඊශ්‍රායල දේශසීමාව හරහා කාලතුවක්කු ප්‍රහාර එල්ල කල බවයි, ඊශ්‍රායල හමුදා පවසන්නේ.
     
    ඊශ්‍රායලය, ලෙබනනයේ ඇති හිස්බුල්ලා ත්‍රස්ත ඉලක්ක හමුදා සංකීර්ණයක්, යටිතල පහසුකම් ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඕනෑම යුද අවස්ථාවකට සිය හමුදාවන් සූදානමින් සිටින බවත්, රටේ දේශසීමා ආරක්ෂා කරගැනීමට සෑම ආරක්ෂක වැඩපිළිවෙළක්ම යොදන බවයි, ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ.
    #SLRC #RupavahiniNews #Rupavahini

    Latest News