කේරළයේ බෝට්ටුවක් පෙරලීමෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට

මැයි 08, 2023

    ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රදේශයේ ගංගාවක සංචාරකයින් ගමන්ගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    මියගිය අය අතර, කුඩා දරුවන්ද සිටිනවා. අනතුර සිදු වන අවස්ථාවේ 50 දෙනෙකු පමණ එහි ගමන් කරමින් සිට තිබෙනවා. එය බෝට්ටුවේ ගමන් කළ හැකි උපරිම පිරිස ඉක්මවා යාමක් බවයි බලධාරීන් පවසන්නේ. බෝට්ටුව මඩ සහිත ජලයේ ගිලී ඇති බැවින් රාත්‍රී කාලයේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා ඇතිව තිබෙනවා. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව මෙහෙයුම් බාර ආරක්ෂක නිලධාරීන් පවසනවා. අනතුර සිදුවන අවස්ථාවේ බොහෝ පිරිස්ක් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිටි බවයි වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් තම ශෝකය ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

    Latest News