ප්‍රේක්ෂකයින් නැති මෙවර ඔලිම්පික්

ජූලි 09, 2021

    ජපානයේ කොරෝනා අවදානම හේතුවෙන් රට තුළ ඊයේ සිට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරිණ. ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් මෙරට ක්‍රීඩා උළෙල සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමේ අවස්ථාව නොදීමටයි තීරණය කර ඇත්තේ.

    ඔලිම්පික් උළෙලට සීමිත කාල සීමාවක් තිබිය දී ටෝකියෝ නුවරට ද හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් ක්‍රියාකර තිබේ.
    ලබන 23 වැනිදා ආරම්භ වීමට නියමිත 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට ප්‍රේක්ෂකයන් සහභාගී කර නොගැනීම ජපානටය ආර්ථික වශයෙන් ද අලාභයක් බවයි වාර්තා වන්නේ.

    ප්‍රේක්ෂකයන් නොමැති වීම නිසා ක්‍රීඩාවට අවශ්‍ය ජවය හා උද්‍යෝගය හීන වී යා හැකි බව ද බලධාරීන්ගේ විශ්වාසයයි.

    එම නිසා ප්‍රේක්ෂක අඩුපාඩුව පිරවිය හැකි නව ක්‍රමවේද වෙත එළඹීමට ඔලිම්පික් බලධාරීන් තීරණය කර තිබේ.

    ඒ වෙනුවෙන් රොබෝ තාක්ෂණය හා අන්තර්ජාල මෘදුකාංග මාදිලි භාවිත කිරීමට අපේක්ෂිතයි.

    Last modified on සිකුරාදා, 09 ජූලි 2021 11:07

    Latest News