ගෝලීය දෛනික කොවිඩ් මරණ 8,000ක්

ජූලි 09, 2021

    කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ගෝලීයව මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 40 ලක්ෂ 26,000 ඉක්මවා ගොස් තිබේ.

    18 කෝටි 63 ලක්ෂ 30,000කට වැඩි ජනතාවක් මේ වන විට කොරෝනා වෛරසය ආසාතියන් බවට පත්ව ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

    තවමත් ගෝලීය වශයෙන් දෛනිකව 8,000කට වැඩි පිරිසක් කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන අතර 4 ලක්ෂ 50,000කට වැඩි පිරිසක් දෛනික කොරෝනා ආසාදිතයන් බවට පත්වෙයි.

    යම් ආකාරයක වසංගත තත්වයේ අඩුවීමක් සංඛ්‍යාත්මකව පෙන්නුම් කළ ද දැනට වාර්තා වන නව වෛරස ප්‍රභේද හේතුවෙන් ගෝලීය වශයෙන් තවමත් කොරෝනා අවදානම ගිලහී නොගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    Last modified on සිකුරාදා, 09 ජූලි 2021 11:57

    Latest News