තරුෂිට සහ නදීෂාට ඔලිම්පික් වරම්

ජූලි 03, 2024
    මලල ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.
    ලෝක මලල ක්‍රීඩා සංගම් වෙබ් අඩවිය මේ බව නිල වශයෙන් නිවේදනය කළා.
    මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙල ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිතයි. ඒ, මේ මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වායි.
    ඔලිම්පික් ක්‍රීඩා උලෙලට මලල ක්‍රීඩිකාවන්ගේ සුදුසුකම් ලබා ගැනීමේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන් වුණා.
    ඒ අනුව, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛණය ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් වූ අතර, ඒ අනුව තරුෂි කරුණාරත්න සහ දිල්හානි ලේකම්ගේ ක්‍රීඩා උළෙලට සෘජුව සුදුසුකම් ලබා තිබෙනවා.
    Last modified on බදාදා, 03 ජූලි 2024 08:45

    Latest News