රටවල් රැසකට ජයග්‍රහණ අත්කර දෙමින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල නිමාවට පත්විය. පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ අමෙරිකාවයි. ඔවුන් රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් දිනා ගත්තේය.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන මැතිල්ඩා කාල්සන් සහභාගි වන අසුන් පැන්නවීමේ කාන්තා තරග ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතයි.

ඔලිම්පික් තරඟාවලියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන් සහභාගි වන පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ මුලික වටයේ තරඟ අද (31) පැවැවීමට නියමිතයි.

ජපානයේ කොරෝනා අවදානම හේතුවෙන් රට තුළ ඊයේ සිට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරිණ. ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් මෙරට ක්‍රීඩා උළෙල සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමේ අවස්ථාව නොදීමටයි තීරණය කර ඇත්තේ.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්වෙන් නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්නට අවස්ථාව හිමිව තිබේ.

යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගීවෙමින් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට සමත්විය.

ජපානයේ පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙල සඳහා විදේශීය ප්‍රේක්ෂකයන්ට සහභාගී වීම තහනම් කර තිබේ.

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග සඳහා සූදානම් විය යුතු බව, අමෙරිකානු ඔලිම්පික් හා පැරා ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබේ. 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ දී පැවැත්වීමට නියමිතයි.

Latest News