තායිලන්තයෙන් කොවිඩ් මරණ 75ක්

ජූලි 08, 2021

    කොරෝනා වසංගතය හමුවේ තායිලන්තය අර්බුදයකට පත්ව තිබේ.

    අද දිනයේ දී එරටින් කොවිඩ් මරණ 75ක් වාර්තා විය. එය දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. තායිලන්ත රජය අදහස් කරන්නේ, දැඩි සීමා පැනවීමටයි. එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිත රැස්වීමේදී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතයි.

    බැංකොක් අගනුවර හා ඒ අවට ප්‍රදේශ කිහිපයක්ම අධි අවදානම් කලාප ලෙස පත් කෙරිණ. පසුගිය මස පැනවූ සීමා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ උපාය මාර්ගික ක්‍රමවේදය අසාර්ථකවීමට බලපා තිබේ.

    තායිලන්තය කොරෝනා වසංගතයේ මුල් කාලයේදී එය මැඩ පැවැත්වීමට සාර්ථකත්වයක් පෙන්නුම් කළ රටක්. එහෙත්, ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ රට තුළ අර්බුදයක් මතු විය. රෝගීන් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් රෝහල් පද්ධතියට ද දැඩි පීඩනයක් එල්ල වී තිබේ.

    දැනටමත් එහි ගිලන් ඇඳන් ධාරිතාව උපරිමයකට ළඟා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම කරුණු සැලකිල්ලට ගනිමින් බැංකොක් හි ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නව පර්යන්තය රෝහලක් බවට පත් කෙරිණ.

    එහි ගිලන් ඇඳන් සංඛ්‍යාව 5,000ක්.

    Latest News