ඔලිම්පික් නිමවෙයි...පදක්කම් සටහනේ පෙරමුණ අමෙරිකාවට

අගෝ 09, 2021

    රටවල් රැසකට ජයග්‍රහණ අත්කර දෙමින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල නිමාවට පත්විය. පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ අමෙරිකාවයි. ඔවුන් රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් දිනා ගත්තේය.

    ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී පදක්කම් සටහනේ පළමුවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේද අමෙරිකාවයි.

    අමෙරිකාව පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ එක් රන් පදක්කමකින් චීනය අභිබවමින්.

    චීනය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 18ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානය හිමි කර ගත්තේය. සත්කාරක ජපානය රන් පදක්කම් 27ක් දිනා ගනිමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. මහා බ්‍රිතාන්‍යය රන් පදක්කම් 22ක් දිනා ගනිමින් හතර වැසි ස්ථානයේ දින ගත්තේය.

    ඉන්දියාව මෙවර පදක්කම් සටහනේ 48 වැනි ස්ථානය දිනා ගත්තේය. ඒ, රන් පදක්කමක්, රීදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා දිනා ගනිමින්. මෙය සැළකෙන්නේ ඉන්දියාව ඔලිම්පික් ඉතිහාසයේ දැක්වූ ඉහලම දක්ෂතාව ලෙසයි.

    මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගී විය. කෙසේවෙතත් ඔවුන් සියලු දෙනා පළමු වටයෙන්ම ඉවත් විය.

    ඔලිම්පික් ක්‍රිඩා උළෙලක වැඩිම රටවල් සංඛ්‍යාවක් පදක්කම් දිනා ගත් පළමු අවස්ථාව ලෙස මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතිහාස ගතවිය. මීට පෙර 2008 බෙයිජින් ඔලිම්පික් ක්‍රිඩා උළේලේදී රටවල් 87ක් පදක්කම් දිනා ගැනිණ.

    ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබු ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙම වසරට කල් දැමිණ.

    මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2024 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතයි.

    Olympics 900px 21 08 09

    Latest News