මිනුවන්ගොඩ, කලහුගොඩ ප්‍රදේශයේ දී පසුගිය 06 වැනිදා පියකු සහ පුතුන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා සහ සැකකාරිය ලබන 21 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට තැබීමට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සංජීව හෙට්ටිආරච්චි මහතා ඊයේ (08) නියෝග කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමේ සිද්ධියට අදාළව පියත් නිකේෂල අගෝස්තු මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තබා විනාශයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හතර දෙනෙකු අගෝස්තු මස 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන වල වෙබ් අඩවි සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි, සැකපිට අත්අඩංගුවට ගන්නා ලද තරුණයෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මෙම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තුළ ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 17 දෙනා තවදුරටත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මාර්තු මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මුහුණු පොත ඔස්සේ ජාතීන් අතර සංහිඳියාව බිද දමන ආකාරයේ ප්‍රකාශ නිකුත් කලේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයෙකු වූ මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යයි එම කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට සම්බන්ධ නඩුවේ 15 වන සැකකරු ලෙස නම් කර සිටින ගුරුගේ මංජුල නැමති සිවිල් පුද්ගලයෙකු ලබන 11 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Latest News