මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

ඔක් 09, 2022

    මිනුවන්ගොඩ, කලහුගොඩ ප්‍රදේශයේ දී පසුගිය 06 වැනිදා පියකු සහ පුතුන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා සහ සැකකාරිය ලබන 21 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට තැබීමට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සංජීව හෙට්ටිආරච්චි මහතා ඊයේ (08) නියෝග කළේය.

    සැකකරුවන් දෙදෙනෙකු 21 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට වැඩ බලන මහේස්ත්‍රාත්ගෙන් මීගමුව බන්ධනාගාර අධිකාරිට නියම කළේය.

    එම ඝාතනයට පැමිණි සැකකරුවකු භාවිතා කළ සපත්තු යුවලක්, පොලිස් නිළ ඇඳුමට සමාන ඇඳුමක කොටසක් සහ මන්නා පිහි දෙකක් කටාන පාර , දාගොන්න. ලිපිනයේ පිහිටි පොල් ඉඩමක සඟවා තිබියදී සොයා ගෙන තිබේ.

    Latest News