පාස්කු ඉරු දින ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් රාජකාරී පැහැර හැර සාපරාධී මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ගම්පහ සණස නගර බැංකුවේ තැන්පත් මුදල් වංචා කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප සභාපතිවරයා නොවැම්බර් 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන දැනට සිරදඬුවම් නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නමැත්තා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.

සිරදඬුවම් නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නමැත්තා ලබන 09 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය බන්ධනාගාර කොමසාරිස් වරයාට නියම කළාය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නැමති සේවකයා තවදුරටත් ලබන 15 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පැය 72 ක  කාලයක් පොලිස් භාරයේ රඳවාගෙන  ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

රොටුඹ අමිල හෙවත් අමිල සම්පත් ලබන මැයි 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්චි මෙනවිය නියෝග කළේය.

බුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන්රූයන් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ ඇතුලු සැකකරුවන් හත් දෙනා ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

Latest News