පොලිස් නාකොටික් නිලධාරීන් 9 දක්වා යළි රිමාන්ඩ්

පෙබ 23, 2021

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙහි සැකකරවන් ලෙස නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් විදේශවල සිට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය තොග මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ බව කියන බෝට්ටුකරුවන් දෙදෙනෙක් ප්‍රකාශ ලබාදීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණ.

    එම සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඔවුන් පස්වරුවේ තමා හමුවට ඉදිරිපත් කළ ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

    අනතුරුව සැකකරුවන් ලබන 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ.

    Latest News