පොලිස් නාකොටික් සිද්ධියේ 15 වැනි සැකකරු රිමාන්ඩ්

ජන 06, 2021

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යයි එම කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට සම්බන්ධ නඩුවේ 15 වන සැකකරු ලෙස නම් කර සිටින ගුරුගේ මංජුල නැමති සිවිල් පුද්ගලයෙකු ලබන 11 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම නඩු කටයුත්ත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    ඒ අනුව ගුරුගේ මංජුල නැමැති සැකකරු ලබන 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියම කළේ.

    මෙම සිද්ධියට සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 14 දෙනාට එරෙහි නඩුව ද එදින කැඳවීමට නියමිතව තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි කියන එම කාර්යය අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් 14 දෙනාගේ කටයුතුවලට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට ගුරුගේ මංජුල නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News