පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනා තවදුරටත් ඔක්තෝබර් මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කළේය.

අධිකරණ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද වෙබ් මාධ්‍යවේ දී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මීගමුව බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ගෙනයාමට අවසර ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජේලර් කාලිංග කළුඅග්ගල රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

මාතර, හක්මන ප්‍රදේශයේ දී මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් අනතුරට ලක් කර පලායාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන අද (08) අධිකරණයට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12දෙනා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් සත්‍යග්‍රහයක නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් විසි දෙදෙනා ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිලිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 28 දෙනා පෙබරවාරි 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ඒ මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ බව සඳහන් 61 දෙනා ලබන මස 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහාධිකරණය අද නියෝග කළේය.

වව්නියාව, බෝගස්වැව හත්වන සිංහ රෙජිමේන්තු යුධ හමුදා කඳවුරේ සේවය කල හමුදා සෙබළෙකුට තුවාල සිදුකර ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හෙට්ටිපොළ ප්‍රදේශයේ දී ඇතිවූ කළහකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නාමල් කුමාර මේ මස 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

Latest News