නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වු පුද්ගලයින් 20 දෙනෙක් නිරෝධායනයට යොමුකර තිබේ.

රක්වාන පොලිස් ස්ථානයට අනුබද්ධ පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිළධාරියෙක්ට කොරොනා ආසාදිත බව තහවුරුවීම නිසා මෙම පොලිස් නිලධාරීන් පිරිස නිරෝධායනයට යොමු කර තිබේ.

මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ පදිංචි මනාළියක් කොවිඩි 19 ආසාධිතයෙක් බවට අනාවරණය වීමෙන් අනතුරුව මනාලයා ඇතුළු එම මංගල උත්සවයකට සහභාගි වූ පවුල් 35 ක පිරිසක් නිවෙස් තුලම නිරෝධායනයට යොමු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 53ක පුද්ගලයින් 5819 දෙනෙක් තවදුරටත් නිරෝධායනයට ලක්කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන තංගල්ල, පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.

ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 186 දෙනෙක් පුනානිහි පිහිටි වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඊයේ දිනය තුළ දී පුනානී මධ්‍යස්ථානයෙන් එක් අයෙක්, රුවල කල්පිටිය මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 5 දෙනෙක් හා නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 12 දෙනෙක් පිටව ගියේය.

ත්‍රිවිධ හමුදාවට අයත් පුද්ගලයින් 4387 දෙනෙක් තවදුරටත් නිරෝධයනය වෙමින් සිටින බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

නීති විරෝධීව මෙරටට පැමිණි මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමුකර සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිරෝධායන කාලසීමාව අවසන්කර තිබේ.

යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් 98 දෙනෙකුගෙන් යුතු පිරිසක් දින 47 ක නිරෝධායන කටයුතු සාර්ථකව නිමකොට නිරෝධායන සහතිකපත් ලබා PCR පරීක්ෂණයකින් ද අනතුරුව අද දින යුද හමුදාවට අයත් බස් රථ මගින් තම නිවෙස් වෙත පිටත්කර හරින ලදී.

Latest News