පුද්ගලයින් 5819ක් තවදුරටත් නිරෝධායනයට

ජූලි 21, 2020

    ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 53ක පුද්ගලයින් 5819 දෙනෙක් තවදුරටත් නිරෝධායනයට ලක්කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    අද දිනයේ දී පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 132 සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 108 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව යාමට නියමිතයි.

    දැනට පුද්ගලයින් 24,460ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    මේ අතර, දෝහා - කටාර් තවත් පුද්ගලයින් 30ක් අද දිවයිනට පැමිණ තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 ජූලි 2020 11:16

    Latest News