විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාසිටි තවත් පුද්ගලයින් 223 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.

විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු 311 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම අද (24) එම මධ්‍යස්ථානවලින් පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.

මේ වන විට ශ්‍රි ලංකාව තුළ නිරෝධායන මධ්‍යස්ථාන 22ක් නිරෝධායනයට ලක්වන පුද්ගලයින් 3063ක් සිටින අතර ඉන් 31ක් විදේශිකයෝ වෙති.

ජපාන රජය විසින් එරටට අයත් විශාල ප්‍රමාණයේ මගී නෞකාවක් වන ‘ඩයමන්ඩ් ප්‍රින්ස්‘ නෞකාව නිරෝධායනය කිරිමට පියවර ගනී.

ඒ එම නෞකාවෙන් හොංකොං සිට ජපානය දක්වා පැමිණි 80 හැවිරිදි හොංකොං ජාතිකයෙකු කෙරෝනා ආසාදනය වූ බවට තහවුරු කිරිමත් සමගින්යි.

එම නෞකාව තුළ මගීන් 2666 ක් සිට ඇති අතර, කාර්ය මණ්ඩලය 1045 කට ආසන්න පිරිසක් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

 

Latest News