16,271ක් නිරෝධායන අවසන්

ජූනි 25, 2020

    නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඊයේ දිනය තුළ දී පුනානී මධ්‍යස්ථානයෙන් එක් අයෙක්, රුවල කල්පිටිය මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 5 දෙනෙක් හා නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 12 දෙනෙක් පිටව ගියේය.

    ඒ අනුව නිරෝධායනය අවසන් කර ඊයේ දිනය වන විට පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් ගණන 16,271ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඊයේ වන විට ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුළ පුද්ගලයින් 4, 223 ක් නිරෝධායන වෙමින් සිටී.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 09:38

    Latest News