වැලිකඩ 186ක් පූනානිහි නිරෝධායනයට

ජූලි 08, 2020

    ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 186 දෙනෙක් පුනානිහි පිහිටි වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

    එම රැඳවියන් යුද හමුදා අධීක්ෂණය යටතේ බන්ධනාගාර නිලධාරින් මඟින් නිරෝධායන කටයුතු සිදු කෙරෙන බව හමුදාපතිවරයා සඳහන් කළේය.

    එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරින් 07 දෙනෙක් ද නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

    ඊයේ දිනයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයා කන්දකාඩු පුනුරුත්තාපන කඳවුරේ සිට වැලිකඩ බන්ධනාගාරයට පැමිණී අයෙක්. එම නිසා ඊයේ රාත්‍රියේ සිට කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානේ සිටින සියලු දෙනා පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරිමට කටයුතු කළ බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

    Latest News