නිරෝධායන මධ්‍යස්ථාන අටක සාර්ථකව නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 533 දෙනෙක් නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ නිරෝධායන ක්‍රියාවලීන් සහ ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමුකිරීම තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසයි.

කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වීමත් සමග අවිස්සාවේල්ල,යාහැල්ල වත්ත ප්‍රදේශයේ නිවාස 8කට අයත් පුද්ගලයින් 32 දෙනෙකු ඊයේ රාත්‍රී සිට ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ ජීවිත් වන පවුල් 242 කට අයත් පුද්ගලයින් 1010 ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුව වසා දමා ඇති බව වාර්තා වෙයි.

විස්සාවේල්ල ප්‍රදේශයේ දී සූදු ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයින් 9 දෙනෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නිරෝධායනය ලක්කර තිබේ.

ඒ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට පුත්තලම, රත්මල්යාය සහ පාලවිය, අල්කාසිම් සිටි ප්‍රදේශයෙන් (07) ඊයේ කොරෝනා වෛරසය ආසාධිතයින් දෙදෙනෙකු සොයා ගැනීමත් සමගයි.

මරදාන ඉමාමුල් අරූස් මාවතේ පිහිටි නිවාස සංකීර්ණයේ 2,000කට ආසන්න පිරිසක් එම නිවාස සංකීර්ණය තුළම නිරෝධායනයට යොමුකර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එම නිවාස සංකීර්ණයට ඇතුළු වීම හා පිටවීම ද සීමාකර ඇති බවයි.

විදේශගතව සිට නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 206 දෙනෙක් අද සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

මහනුවර, අකුරණ නගරයම නිරෝධායනයට ලක් කර ඇති බවත් පුත්තලම ප්‍රදේශයේ ගම්මානයක 100කට අධික පිරිසක්ද නිරෝධායනයට ලක් කිරීමට සූදානම් කර ඇති බවත් කෝවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Latest News