නිරෝධායනය අවසන් තවත් 222ක් අද නිවෙස් වෙත

ජූනි 15, 2020

    ත්‍රිවිධ හමුදාවට අයත් පුද්ගලයින් 4387 දෙනෙක් තවදුරටත් නිරෝධයනය වෙමින් සිටින බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

    ඔවුන් ත්‍රිවිධ හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන 43ක රැඳී සිටියි.

    මේ වන විට පුද්ගලයින් 13,875 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර සිය නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

    නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 222 පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව අද (15) දිනය තුළ නිවෙස් වෙත පිටව යාමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    Last modified on සදුදා, 15 ජූනි 2020 11:03

    Latest News