රක්වාන පොලිසියේ 17 ක් නිරෝධායනයට

මාර් 15, 2021

    රක්වාන පොලිස් ස්ථානයට අනුබද්ධ පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිළධාරියෙක්ට කොරොනා ආසාදිත බව තහවුරුවීම නිසා මෙම පොලිස් නිලධාරීන් පිරිස නිරෝධායනයට යොමු කර තිබේ.

    ඔවුන් පි සි ආර් පරික්ෂණවලට ලක් කර වාර්තා ලැබෙන තෙක් නිරෝධායනයට යොමු කර ඇති බව ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

    රක්වාන පොලිස් ස්ථාණය ස්ථාණාධිපතිවරයා ද ප්‍රදේශයේ සහකාර පොලි අධිකාරිවරයෙක් ද නිරෝධායනයට යොමුව සිටිති.

    රක්වාන පොලිසියේ රාජකාරි වෙනත් පොලිස් ස්ථානවල නිළධාරින් ද යොදවා බාධාවකින් තොරව පවත්වාගෙන යන බව අප වාර්තාකරු පවසයි.

    Latest News