නීති කැඩූ විවාහ උත්සවයේ 20ක් නිරෝධායනයට

ජූනි 30, 2021

    නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වු පුද්ගලයින් 20 දෙනෙක් නිරෝධායනයට යොමුකර තිබේ.

    පානදුර උතුර කෙසෙලේවත්ත පොලිස් ස්ථානය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලද තොරතුරක් මත විශේෂ වැටලීමක් සිදුකර ඇත.

    එහිදී සෞඛ්‍ය උපමාන කඩ කරමින් පවත්වමින් තිබූ විවාහ මංගල උත්සවයට සහභාගී වී සිටි පිරිමි පුද්ගලයින් 12ක් සහ කාන්තාවන් 8දෙනෙක් එම ස්ථානයේ දීම දින 14ක කාලයක් නිරෝධායන වෙන ලෙස දැනුම් දී තිබේ.

    Latest News