දුම්රිය රියදුරන් පිරිසක් විසින් ඊයේ (09/11) දින ක්‍රියාත්මක කරන ලද හදිසි වැඩවර්ජනය හේතුවෙන් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි දිනිත් ඉඳුවර පෙරේරා සිසුවා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ අතර හීන්දෙනිය ප්‍රදේශයේදී අද අලුයම දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

2023 මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක කර​න බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඉහළකෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි, දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබෙනවා.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ද්විත්ව මාර්ගයෙන් එක් මාර්ගයක දුම්රිය ධාවනයට විවෘතව ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අද උදෑසන මීරිගම සහ විල්වත්ත අතර ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගයක දී කන්ටේනර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුර හේතුවෙන්, මාර්ගය අවහිර වී ඇති නිසා එම ප්‍රදේශයේ ජනාවට පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙනවා.

ශ්රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති ලේකම්වරයා ප්රමුඛ කමිටුවක් පත්කර තිබෙන බව වාර්තා වනවා.

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

Latest News