ප්‍රධාන මාර්ගයේ යන දුම්රිය මගීන්ට දැනුම්දීමක්

අගෝ 09, 2023

    ප්‍රධාන දුම්රිය මාර්ගයේ ද්විත්ව මාර්ගයෙන් එක් මාර්ගයක දුම්රිය ධාවනයට විවෘතව ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක්, ‍කන්ටේනර් රථයක ගැටීමෙන් දුම්රිය ගමනා ගමනය අද උදේ සම්පූර්ණයෙන්ම ඇණ හිටියා.

    අනතුර සිදු වුණේ, මීරිගම - විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී. කන්ටේනර් රථය දුම්රිය හරස් මාර්ගයට පිවිසීමත් සමග එහි එන්ජිම නතර වී ඇති අතර, එහි රියදුරු රථයෙන් බැස දිවි බේරා ගෙන තිබෙනවා. වේගයෙන් පැමිණි දුම්රිය කන්ටේනර් රථයේ ගැටී, ඊට දැඩි හානි සිදු වුණා.

    අනතුර හේතුවෙන් පස්යාල මංසන්ධියේ සිට මීරිගම දෙසට සහ අධිවේගී මාර්ග පිවිසුම දෙසට රථවාහන ධාවනය ද ඇනහිට තිබු අතර මේ වනවිට එය යථාතත්ත්වයට පත්ව තිබෙනවා.

    කෙසේ වෙතත්, දුම්රිය යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා පවසන්නේ.

    Latest News