මීරිගම - විල්වත්ත ජනතාවට පොලීසියෙන් දැනුම් දීමක්

අගෝ 09, 2023

    අද උදෑසන මීරිගම සහ විල්වත්ත අතර ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගයක දී කන්ටේනර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුර හේතුවෙන්, මාර්ගය අවහිර වී ඇති නිසා එම ප්‍රදේශයේ ජනාවට පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙනවා.

    • කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගී මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුල්වීමට නොහැකි අතර කොළම මහනුවර මාර්ගය භාවිතා කළ හැකියි.
    • දිවුලපිටිය සිට ගමන් කරන වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඕවිට හා වරකාපොළ මාර්ගවලට පිවිස කොළඹ මහනුවර මාර්ගයට පිවිසිය හැකියි.
    • මීරිගම අධිවේගී පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළම කුරුණෑගල මාර්ග අංක 5 මාර්ගයට පිවිස ගමන් කළ හැකියි.
    Last modified on බදාදා, 09 අගෝස්තු 2023 09:55

    Latest News